ඇසළ පෙරහැරේ ආසන වැඩි මිලට විකුණන ජාවාරමක්

ඇසළ පෙරහැරේ ආසන වැඩි මිලට විකුණන ජාවාරමක්

ඇසළ පෙරහැරේ ආසන වැඩි මිලට විකුණන ජාවාරමක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000-50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මෙලෙස ඉහළ මිල ගණන් යටතේ පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් විශාල අපකීර්තියට ලක්වන බවටද ඔහු පෙන්වා දෙයි.

අසාධාරණ ලෙස පෙරහැර ආසන විකිණීමට දළඳා මාළිගාව හෝ සතර මහා දේවාල කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති බවත් මෙලෙස අසාධාරණ අය කිරීම් පිළිබඳ පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙසත් දියවඩන නිලමේවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *