ගත වූ මාස 6 තුළ ළමයින් සම්බන්ධ පැමිණිලි 290ක්

0
ගත වූ මාස 6 තුළ ළමයින් සම්බන්ධ පැමිණිලි 290ක්

ගත වූ මාස 6 තුළ ළමයින් සම්බන්ධ පැමිණිලි 290ක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින් සඳහා ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබුණු බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.

මසකට මෙවැනි පැමිණිලි ගණනාවක් ලැබෙන බවත් ළමයින් සම්බන්ධ වැඩිම පැමිණිළි ප්‍රමාණයක් ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් ඔහු සඳහන් කළේය.

දෙවැනියට ළමයින් සම්බන්ධව වැඩිම පැමිණිලි ගම්පහනිනුත්, තෙවැනියට කුරුණෑගලින් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කීය.

පසුගිය දිනවල දෙදරු පියෙකු සිය දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධව විමසීමේදී ඔහු මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com