ගංජා දැමූ බව කියූ සිද්ධියේ පොලිස් නිලධාරියාට වැඩ තහනමක්

0
ගංජා දැමූ බව කියූ සිද්ධියේ පොලිස් නිලධාරියාට වැඩ තහනමක්

ගංජා දැමූ බව කියූ සිද්ධියේ පොලිස් නිලධාරියාට වැඩ තහනමක්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ති‌බේ.

කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව සඳහන්ය.

මෙම පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතර මොහු ඇතුළු තවත් නිලධාරීන් කණ්ඩායමක් ආනන්ද කුමාර ස්වාමී සහ කර්නල් ටී ජයා මාවත අතර ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරතවී සිටියදී එම සිද්ධිය ඇතිවී තිබුණි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කරනු ලබන මෝටර් රථය තුළ ගංජා මත්ද්‍රව්‍ය තබා එම මෝටර් රථයේ පැමිණි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති බව සඳහන් වේ.

එම සිද්ධිය මෝටර් රථයේ පැමිණි පිරිස් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති අතර ඒ පිළිබඳව පොලිස් කොස්තාපල්වරයාට බරපතළ සමාජ චෝදනාවක් එල්ල වී තිබුණි.

ඒ අනුව රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම, රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් සහ සහායක නිලධාරියෙකුවත් නොමැතිවර රථය පරීක්ෂා කිරීම යන චෝදනා කිහිපයක් යටතේ එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com