රාජ්‍ය අංශයේ විධා­යක මට්ටමේ නිල­ධා­රීන්ට ජපා­න­යෙන් මානව සම්පත් සංව­ර්ධන ශිෂ්‍යත්ව

රාජ්‍ය අංශයේ විධා­යක මට්ටමේ නිල­ධා­රීන්ට ජපා­න­යෙන් මානව සම්පත් සංව­ර්ධන ශිෂ්‍යත්ව

රාජ්‍ය අංශයේ විධා­යක මට්ටමේ නිල­ධා­රීන්ට ජපා­න­යෙන් මානව සම්පත් සංව­ර්ධන ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධා­යක මට්ටමේ නිල­ධා­රීන් සඳහා මානව සම්පත් සංව­ර්ධන ශිෂ්‍යත්ව පිරි­නැ­මී­මට ජපන් රජය එක­ඟ­තාව පළ කර තිබේ.

ජපාන රජය විසින් මානව සම්පත් සංව­ර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩ­ස­ට­හන (JDS) යටතේ 2010 සහ 2017 වසරේ සිට පිළි­වෙ­ළින් ශාස්ත්‍ර­පති උපාධි සහ ආචාර්ය උපාධි හැදෑ­රීමේ අවස්ථා ශ්‍රී ලංකාවේ විධා­යක මට්ටමේ රාජ්‍ය අංශයේ නිල­ධා­රීන්ට ප්‍රදාන පද­න­මක් මත පිරි­න­මන බව මුදල් අමා­ත්‍යාංශ්‍යය පව­සයි. ඒ අනුව මේ වැඩ­ස­ට­හනේ ප්‍රථම කාර්ය රාමුව (2010-2013), දෙවැනි කාර්ය රාමුව (2014-2017) සහ තුන්වැනි කාර්ය රාමුව (2018-2021) පිළි­වෙ­ළින් 2013, 2017 හා 2021 වස­ර­ව­ලදී සාර්ථ­කව අව­සන් කරන ලද අතර, සිව්වැනි කාර්ය රාමුව (2022-2025), 2022 වස­රේදී ආරම්භ කර 2025 වසරේදී අව­සන් කිරී­මට නිය­මි­තයි.

තවද මේ වැඩ­ස­ට­හන යටතේ අධ්‍ය­යන කට­යුතු සාර්ථ­කව අව­සන් කළ ශිෂ්‍ය­ත්ව­ලා­භීන්ගේ වෘත්තීය සංව­ර්ධ­නය තව­දු­ර­ටත් සිදු කිරීමේ අව­ශ්‍ය­තාව සලකා බැලී­මෙන් අන­තු­රුව ආචාර්ය උපාධි පාඨ­මාලා හැදෑ­රීම සඳහා උප­රිම වශ­යෙන් වාර්ෂි­කව අවස්ථා දෙකක් පිරි­නැ­මී­ම­ටද ජපාන රජය එක­ඟ­ත්වය පළ කර ඇති අතර, ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨ­මාලා හැදෑ­රීම සඳහා අවස්ථා 225ක් (වස­ර­කට 15 බැගින්) හා ආචාර්ය උපාධි පාඨ­මාලා හැදෑ­රීම සඳහා අවස්ථා 17ක් සලසා ඇත. ඒ අනුව මේ වැඩ­ස­ට­හන ක්‍රියා­වට නැංවීම උදෙසා රුපි­යල් මිලි­යන 578ක (ජපන් යෙන් මිලි­යන 304) ප්‍රදා­න­යන් ලබා ගැනීම වෙනු­වෙන් දෙරට අතර හුව­මාරු පත්‍ර ජපා­නයේ විදේශ කට­යුතු ඇමැති කමි­කාවා යෝකෝ හා ශ්‍රී ලංකාවේ විදේශ කට­යුතු ඇමැති, ජනා­ධි­පති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහ­ත්ව­රුන් අතර, ජපා­නයේ ටෝකියෝ නග­ර­යේදී අත්සන් කර තිබේ.

මේ ප්‍රදා­නය ලබා­ ගැ­නී­මට අදා­ළව ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් මුදල්, ආර්ථික ස්ථායි­ක­රණ සහ ජාතික ප්‍රති­පත්ති අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරි­ව­ර්ධන සහ ජපාන රජය වෙනු­වෙන් ජපාන ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ආය­ත­නයේ (JICA) ප්‍රධාන නියෝ­ජිත යමාඩා ටෙට්සුයා මහ­ත්ව­රුන් අදාළ ලිය­කි­ය­වි­ලි­ව­ලට අත්සන් තැබූ බවද මුදල් අමා­ත්‍යාං­ශය පව­සයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *