රට පුරා රජයේ ඉඩම් අක්කර 56,000ක් විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන

රට පුරා රජයේ ඉඩම් අක්කර 56,000ක් විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන

රට පුරා රජයේ ඉඩම් අක්කර 56,000ක් විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැයි මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

එසේම රජය නිථ්‍යානුකූලව පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගණනක් වතු සමාගම් අත්පත් කරගෙන ඇති බවද එම කාරක සභාවේදී හෙළිවූ බව මන්ත්‍රී ගාමිනී වලේබොඩ මහතා පැවසීය.

ඒ අනුව වතු සමාගම් බලහත්කාරයෙන් භුක්ති විඳින ඉඩම් වහාම අත්පත් කර ගැනීම සඳහා කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එම කොමිසමේ ප්‍රධානීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව දැනට නිදහස්ව පවතින්නේ ඉඩම් අක්කර හත්දාහක් පමණක් බව එහි නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ. මේ අනුව කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණ පිළිබඳව වාර්තාවක් ලබාගන්නා ලෙස කාරක සභාව එම කොමිසමට උපදෙස් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *