කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය ඖෂධ ප්‍රදානයක්

කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය ඖෂධ ප්‍රදානයක්

කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය ඖෂධ ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රජයේ රෝහල්වලට හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය රුපියල් කෝටි 12කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් පසුගියදා ප්‍රදානය කළේය.

මෙම ව්‍යාපෘතියෙන් ආසන්න වශයෙන් රෝගීන් 47,000කට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරයි.

ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ මහමුද් අබු කලීෆා මහතාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේදී නිදන්ගත රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයට විසඳුම් දීමට බලාපොරොත්තු වෙයි. රෝගීන්ට සපයන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට දායක වීම, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ මනුෂ්‍යත්වයේ වටිනාකම් තහවුරු කිරීම සඳහා කටාර් වැසියන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත මෙම පරිත්‍යාගයක් සමඟ පැමිණෙන බව කටාර් පුණ්‍යායතනය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.ජී.මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *