බංග්ලාදේශය යුද පිටියක් වෙයි

විශ්වවිද්‍යාල සිසුන් ආරම්භකර ඇති විරෝධතා නිසා බංග්ලාදේශය යුද පිටියක් වෙයි

විශ්වවිද්‍යාල සිසුන් ආරම්භකර ඇති විරෝධතා නිසා බංග්ලාදේශය යුද පිටියක් වෙයි

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමටද පියවෙර ගෙන තිබුණි.

නිදහස් සටන සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් සිසු විරෝධතා පැවැත්වෙයි.

ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා 6 දෙනෙක් මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *