කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට පත් කරයි

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට පත් කරයි

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු කොහුවල ගුවන් පාලම අද බදාදා දිනයේ (17) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොහුවල මංසන්දියේ සිට කොළඹ, හොරණ 120 බස් මාර්ගයේ මෙම පාලම ඉදිකර තිබෙන අතර ගුවන් පාලම පහළින් නුගේගොඩ, කළුබෝවිල මාර්ගය වෙතද ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකළ අතර එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කරන ලදී.

2021 අගෝස්තු මස 16වන දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ගුවන් පාලමේ දිග මීටර් 254ක් වන අතර පළල මීටර් 9.4කි.
මේ සඳහා රුපියල් මිලියන 3599ක් වැය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *