ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කෙරේ

0
හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පහරදීමේ සිද්ධියේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පහරදීමේ සිද්ධියේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම පෙත්සම රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com