ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේ දස්කම් පැ කායවර්ධන ශූරිය කටුනායකට

ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේ දස්කම් පැ කායවර්ධන ශූරිය කටුනායකට

ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේ දස්කම් පැ කායවර්ධන ශූරිය කටුනායකට

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2023 ඔලිම්පියා ඇමේචර් (Olimpia Amateur) ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට වයස අවුරුදු 35 බිකිනි අංශයෙන් තරග වැදී එහි තුන් වන ස්ථානයත්, එහි ලෝක ශූරතා තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති බෙන් වීඩර් නැචුරල්ස් (Ben Weider Naturals) තරගාවලියේ දී දෙවන ස්ථානයත් දිනා ගත් දිල්රුක්ෂි ආරච්චිගේ ක්‍රීඩිකාව සඳුදා (08)දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ඔලිම්පියා ඇමේචර් කායවර්ධන තරගාවලිය ලෝකයේ රටවල් 70ක ක්‍රීඩිකාවන් 380 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී.නුවර පවත්වා තිබුණා.

එසේම තහනම් උත්තේජක භාවිතයෙන් තොරව පවත්වන ලෝක ශූරතා බෙන් වීඩර් නැචුරල්ස් තරගාවලිය ලෝකයේ රටවල් 110ක ක්‍රීඩිකාවන් 180 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔලැන්ඩෝ නුවර පවත්වා තිබුණා.

ලෝකයේ ඉහළම ශ්‍රේණි ගත කිරීම් අනුව ඔලිම්පියා ඇමේචර් කායවර්ධන ශූරතා තරගාවලිය ලෝකයේ අංක එකට පත් වී තිබෙන අතර, මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන එකම ක්‍රීඩිකාව වන්නේද දිල්රුක්ෂි ආරච්චිගේ මහත්මිය පමණක් වීම විශේෂත්වයක්.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන 07/08 දින උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය සමග ඇයගේ දස හැවිරිදි පුතාද පැමිණ සිටි අතර, ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බේස්බෝල් ශූරතාවය දිනා සිටින ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා දිල්රුක්ෂි ආරච්චිගේ සොහොයුරු සොහොයුරියන්, මෙන්ම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *