ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මසූඩ් පෙසෙෂ්කියන් පත් වේ.

ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මසූඩ් පෙසෙෂ්කියන්

ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මසූඩ් පෙසෙෂ්කියන්

ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ.

ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි.

ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමගය.

පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපොහොසත් වීමෙන් දෙවැනි මත විමසුමක් සඳහා යොමුවීමට සිදුවිය.

ඒ අනුව පසුගිය සිකුරාදා (05) පැවති ඡන්ද විමසීමෙන් මනාප මිලියන 16.5ක් දිනා ගනිමින් ජනාධිපතිවරණ සටන ජය ගැනීමට 71ක් හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් සමත්වුණි.

ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදයට ලක්වූ දැඩි ඉස්ලාමීය මතදාරී සයිඩ් ජලීලි මනාප මිලියන 13.5කට සීමා කරමිනි.

ඉරානයේ ටැබ්‍රිස් නගරය නියෝජනය කරමින් 2008 වසරේදී ඉරාන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මසූඩ් පෙසෙෂ්කියන් මොහොමඩ් කටාමි පාලනයේ ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඉරානය මත ඇති ආර්ථික සම්බාධක ඉවත් කර ආර්ථිකය දියුණු කරමින් ඉරානය බාහිර ලෝකයට විවෘත කරන බව, පෙසෙෂ්කියන්ගේ පොරොන්දුවය.

ඉරානයේ පවතින බොහෝ දේශපාලනික ප්‍රතිපත්ති විවේචනය කරන ඔහු ලිංගික අසමානතාව අවසන් කර සම අයිතීන් ලබාදෙන බවටත් පොරොන්දු දුන් නායකයෙකි.

එමෙන්ම ඔහු ඉරාන කාන්තාවන් මත පටවා ඇති හිජාබ නීතිය පවා විවේචනය ලක් කරන්නෙක් වීම විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *