ලංකාවේ වාර්තාගතම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේදි

ලංකාවේ වාර්තාගතම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ වාර්තා කරයි

ලංකාවේ වාර්තාගතම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ වාර්තා කරයි

මෙරටින් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක් මගින් ඒ බව අනාවරණය වූ බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව 2024 වසරේ මේ වනවිට මෙරට කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් මිලියන 269ක් දක්වා ඉහළ දැමීමට හැකි වී තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් මිලියන 230ක් වන අතර පසුගිය කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය හා රසායනික පොහොර අර්බුදය උග්‍ර ලෙස පැවැති අවස්ථාවේ සීග්‍රයෙන් පහත වැටුණා.

කෙසේ වෙතත් මේ වනවිට සියලු කුකුලු ගොවිපොළවල සමස්ත ධාරිතාවය ඉහළ නැංවීම, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයන බලපත් සත්ව ගොවිපොළවලට හා සත්ව ආහාර නිෂ්පාදන සමාගම්වලට පමණක් ලබා දීම මෙන්ම පසුගිය වසරේ මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 220,000 ඉහළ යාම කුකුළු මස් නිෂ්පාදනය හා බිත්තර නිෂ්පාදනය ඉහළ යාමට හේතු වී ඇති බවද සඳහන්.

මේ අතර ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරත් පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *