‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරයි

‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරයි

‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරයි

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් ලෙස ‘උමා ඔයෙන් පැල්වත්තට’ යන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීමට උමා ඔය ද්‍රෝණියේ පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව සඳහන්.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිලුම් අමුණුගම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර තිබෙන බව සඳහන්.

පැල්වත්ත සීනි සමාගම සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව මෙම ගිවිසුම් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පැල්වත්ත සීනි සමාගමට අයත් උක් වගා කරන ගොවි පවුල් සඳහා ඉඩම් අක්කර 5000ක් සඳහා වගා කිරීමට අවශ්‍ය ජලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.

මෙහිදී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සිට ඇල මාර්ගයක් හරහා එම ගොවි ප්‍රජාවට ජලය සැපයීමට කටයුතු කෙරෙනු ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *