ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 3ක මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ බවත් නව මිල බ්‍රහස්පතින්දා දින (04) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි.
ඒ අනුව චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 15 කින්ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 14 කින්ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 6 කින්ද, අඩු කළ බවත්,
ඒ අනුව අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 215ක්, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 282ක් සහ සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 269ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කරයි.