රෝහල්වල ආහාර වේලේ වෙනසක්
- ආහාර රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාර වේලේ වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෝටල්වල තිබෙන ආකාරයට රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාර වේල වෙනස් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරන බව ඔවුන් සඳහන් කරනවා.
රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබා දෙන ආහාරවේල පිළිගන්වන ආකාරය, ආහාරයේ ගුණාත්මකභාවය සහ නාස්තිය අවමකිරීම යන කරුණු මුල් කර ගනිමින් ආහාරවේලේ වෙනසක් සිදු කිරීමට ඒ අනුව ඔවුන් පියවරගෙන තිබෙනවා.
මේ සඳහා රජයෙන් ලබා දෙන මුදල් ප්‍රතිපාදන වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වුණු බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම වෛද්‍යවරුන් සඳහන් කළේ.