මත්ද්‍රව්‍ය ජාවාරම් සපුරා තුරන් කිරීමට ජගත් මහලේකම්ගෙන් ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය ජාවාරම් සපුරා තුරන් කිරීමට ජගත් මහලේකම්ගෙන් ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය ජාවාරම් සපුරා තුරන් කිරීමට ජගත් මහලේකම්ගෙන් ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය භාවිතය සහ එම ජාවාරම් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අදාළ පියවර දැඩිව ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්, ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

26 වැනිදාට යෙදී තිබුණු ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය’ නිමිති කර ගනිමින් හෙතෙම මේ බව පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතය නිසා වසරකට ලොව පුරා දහස් ගණනක පිරිසක් මිය යන බව ජගත් මහලේකම්වරයා එහිදී පැවසීය.

මිනිසාගේ යහපැවැත්මට බරපතල හානි සිදුකරන මත්ද්‍රව්‍ය ලොව පුරා අපරාධ හා ප්‍රචණ්ඩත්වය අවුලුවන බවද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය 26 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, 2022 වසරේදී ලොව පුරා මිලියන 292ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අතර, එය වසර 10කට පෙර පැවති අගයට වඩා 20% කින් ඉහළ ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *