හොන්ඩුරාස් හිටපු ජනපතිට වසර 45ක සිර දඬුවම්

හොන්ඩුරාස් හිටපු ජනපතිට වසර 45ක සිර දඬුවම්

හොන්ඩුරාස් හිටපු ජනපතිට වසර 45ක සිර දඬුවම්

හොන්ඩුරාස් හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් හට වසර 45ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට සහය දැක්වීමේ චෝදනාවකට අදාළවයි.

කොකේන් ටොන් 4000කට අධික තොගයක් අමෙරිකාවට ගෙනඒම සඳහා හොන්ඩුරාස් හිටපු ජනාධිපතිවරයා විසින් සහය දක්වා ඇති බව ද සඳහන්.

වසර 45ක සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 8ක දඩයක්ද නියම කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ දඬුවම් නියම කිරීමේදී හොන්ඩුරාස් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමාට එරෙහිව එල්ල වන සියලු චෝදනා පදනම් විරහිත වන අතර තමන් නිර්දෝෂී වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *