2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක්

2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක්

2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක්

2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් (මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට වාර්ෂික පලතුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 19.6ක්.
(මෙට්‍රික් ටොන් 196,9371කි).

2023 වර්ෂයේ පලතුරු නිෂ්පාදනය ඉහළ යාම දෙස බලන විට ප්‍රධාන වශයෙන් කෙසෙල්, අඹ, අන්නාසි හා පැපොල් නිෂ්පාදනය ඉහළ යාම කැපී පෙනෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මීට අමතරව පලතුරු අපනයනයද 2023 වසරේ ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පලතුරු මෙට්‍රික් ටොන් 38,201ක් අපනයනය කර තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2027 වනවිට මෙරට කෘෂිකාර්මික අංශයේ වර්ධනය සඳහා සකස් කළ සැලසුම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමණී රණතුංග මහත්මිය විසින් බාර දෙන ලදි.

2027 වනවිට කෙසෙල් නිෂ්පාදනය හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 19.5ක් දක්වාත්, අඹ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9.5ක්, පැපොල් මෙට්‍රික් ටොන් 45ක්, අන්නාසි මෙට්‍රික් ටොන් 14ක් සහ වැල් දොඩම් මෙට්‍රික් ටොන් 30ක් දක්වාත් ඉහළ නැංවීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා ප්‍රභේද අභිජනනය, දෙමුහුම් ප්‍රභේද අභිජනනය, අධි ඝනත්ව වගාව, ඒකාබද්ධ පලිබෝධ පාලනය, ශාක පෝෂක හදුන්වාදීම, අසු අස්වනු හානිය අවම කිරීම සහ අගය එකතු නිෂ්පාදන තාක්ෂණය හඳුන්වා දීම වැනි තාක්ෂණික පියවර රැසක් සැලසුම් කර ඇති බව වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග මහත්මිය ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *