ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් – ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන

0
ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් - ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන

ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් - ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන

සෑම වසරකදීම ඊට පෙර වසරට සාපේක්ෂව වාර්තා වන ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙනු ලබනවා.

ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ පැවසුවේ, ඉකුත් 2022 වසරේ සොයා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව 604ක් වූ අතර ඉකුත් 2023 වන විට එම සංඛ්‍යාව 690වී තිබෙන බවයි.

එය සියයට පහළොවක වැඩිවීමේ ප්‍රතිශතයක් බවත්, විශේෂයෙන්ම තරුණ පිරිස් අතර මෙම රෝග බහුලව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බවත්, වාර්තා වන රෝගීන් වැඩි පිරිස අවුරුදු 29ට අඩු බවත්, වෛද්‍යවරයා කියා සිටියා.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලදී උපත් පාලන කොපු භාවිත කිරීමට ඔවුන් දක්වන මැළිකම මෙවැනි රෝගීන් වැඩි වීමට හේතු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින්, කණ්ඩායම් වශයෙන් ලිංගික හැසිරීම්වල යෙදීමේ වැඩි නැඹුරුවක් ඇති බවත්, එවන් අවස්ථාවලදී උපත් පාලන කොපු භාවිත කිරීමක් නොවන නිසා ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් බෝ විය හැකි බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com