2023දී යුද්ධයෙන් අවතැන්වූ ජනතාවගේ නිවාස අවශ්‍යතාවයෙන් 89%ක් සම්පූර්ණ කරලා

2023දී යුද්ධයෙන් අවතැන්වූ ජනතාවගේ නිවාස අවශ්‍යතාවයෙන් 89%ක් සම්පූර්ණ කරලා

2023දී යුද්ධයෙන් අවතැන්වූ ජනතාවගේ නිවාස අවශ්‍යතාවයෙන් 89%ක් සම්පූර්ණ කරලා

කඳුකර දශකය දසවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 97ක ව්‍යාපෘති 14,088ක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා මෙම වසරේ රුපියල් මිලියන 9,622ක මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කර ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පවසනවා.

එසේම යුද්ධයෙන් අවතැන්වූ ජනතාවගේ නිවාස අවශ්‍යතාවයෙන් 89%ක් 2023 වසර අවසන් වන විට සම්පූර්ණ කර ඇති බවත් ඒ යටතේ නැවත පදිංචි කිරීමේ සමස්ත වැඩපිළිවෙල තුළ මේ දක්වා පවුල් 275,127ක් පදිංචි කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් පසුගියදා (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *