ශරීරයේ මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයෝ6666 1,000 ඉක්මවයි

ශරීරයේ මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 ඉක්මවයි

ශරීරයේ මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 ඉක්මවයි

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය වාර්තා වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.

මෙම මාරාන්තික බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය 48ක් ඇතුළත මිය යන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි. මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂීන් දිය කිරීම සිදු කරයි.

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ ඇති වෙයි

ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂණද මතුවෙයි.

මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරෙන බවත් ඉන්පසු එය රුධිරයට ඇතුළු වී එම බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරින බවත් වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

නිතර අත් සෝදා පිරිසුදු කිරීම, පිරිසුදුකම පවත්වාගෙන යෑම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බවද වෛද්‍යවරුන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *