දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික පත්වීම්

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික පත්වීම්

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික පත්වීම්

ප්‍රමාද වී තිබු සෞඛ්‍ය සේවයේ බදවා ගැනීම් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික පත්වීම් ප්‍රදානය කරමිනුයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පවසා සිටියේ.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් වසරක කාලයක් පුහුණුව ලැබීමට නියමිතයි.

පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුයි.

මෙම පුහුණුලාභීන් සදහා මසකට රුපියල් 66725ක සීමාවාසික පුහුණු දීමනාවක් ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *