රුසියා සටන් විරාම යෝජනාව ඉතාලි හා ජර්මනි නායකයින් ප්‍රතික්ෂේප කරයි

රුසියා සටන් විරාම යෝජනාව ඉතාලි හා ජර්මනි නායකයින් ප්‍රතික්ෂේප කරයි

රුසියා සටන් විරාම යෝජනාව ඉතාලි හා ජර්මනි නායකයින් ප්‍රතික්ෂේප කරයි

රුසියාව ඉදිරිපත් කර ඇති සටන් විරාම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉතාලි හා ජර්මනි නායකයින් පවසනවා.

යුක්‍රේන සාම සමුළුව ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන අතර රටවල් 90ක හා සංවිධාන නියෝජිතයින් ඊට සහභාගි වී සිටිනවා.

සාම සමුළුව සඳහා රුසියාව සහභාගී නොවුවද යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අත්හිටුවීම සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වුවද රුසියා ජනාධිපතිවරයාගේ සටන් විරාම යෝජනාවලිය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉතාලි හා ජර්මනි නායකයින් පවසන්නේ.

රුසියා සටන් විරාම යෝජනාවලිය රුසියාවට වාසිදායක හා ඒකාධිපති සාමයක් ඇති කරන්නක් බවට ඔවුන් චෝදනා කරනවා.

ස්වාධීන ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රාන්ත 4න් යුක්‍රේන හමුදා ඉවත් කරගන්නේ නම් යුද මෙහෙයුම් අත්හිටුවීමට සුදානම් බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *