ඊශ්‍රායල හමුදා රෆා ප්‍රදේශයේ නිවාස සිය ගණනින් ගිනි තබයි

ඊශ්‍රායල හමුදා රෆා ප්‍රදේශයේ නිවාස සිය ගණනින් ගිනි තබයි

ඊශ්‍රායල හමුදා රෆා ප්‍රදේශයේ නිවාස සිය ගණනින් ගිනි තබයි

ඊශ්‍රායල හමුදා රෆා ප්‍රදේශයේ නිවාස සිය ගණනක් ගිනි තබා විනාශ කර ඇති බව අල්ජසීරා පුවත් සේවය නිවේදනය කරනවා.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙකු ඝාතනයට පත්වීමත් සමඟ මෙසේ ඊශ්‍රායලය රෆා ප්‍රදේශයේ නිවාසවලට ගිනි තබා ඇත්තේ.

ඊශ්‍රායල සෙබළුන් ඝාතනය කිරීම හමාස් සංවිධානය සිදුකළ බරපතළ වැරැද්දක් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඒ හේතුවෙන් හමාස් සංවිධානය බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවන බවටයි අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවන්නේ.

එමෙන්ම ගාසා තීරයේ උතුරු ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 28 දෙනෙකුද ඝාතනයට පත්ව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *