අලුත් ආගමන පනතක්

අලුත් ආගමන පනතක්

නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති නමුත් එකී පනතින් ආවරණය වන ක්ෂෙත්‍රය තුළ ශීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සහ තාක්ෂණයේ වේගවත් දියුණුව මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගෙන ඒ සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා සැකසූ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය හිමිව ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *