ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට

ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට

ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට එක් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේ ළමයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ වැරදිකරුවන්ගේ ලැයිස්තුවට ඊශ්‍රායල හමුදාව ඇතුළත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපතිවරයා පවසනවා.

(07) මෙම තීරණය පිළිබඳව තමාට දැනුම් දුන් බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන් කියා සිටියා.

ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුධ ක්‍රියාමාර්ග වලදී ළමුන් දහස් ගණනක් මරා දමා ඇති අතර තවත් දහස් ගණනකට මානුෂීය ආධාර අවශ්‍යව සිටිනවා.

ජගත් ජගත් මහලේකම්වරයාගේ මෙම වාර්ෂික ලැයිස්තුව ගැටුම්වලදී ළමුන් ඝාතනය කිරීම,ආධාර සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම පාසල් හා රෝහල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන්නක්.

මෙම ලැයිස්තුව ලබන සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *