එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක්
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කරගනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා (02) රැස්විය.
එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබූ අතර ජාතික ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්විය.
ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරිණි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේද සුළු වෙනසක් සිදු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් මහතාද භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් මහතා උප සභාපති ලෙසද, ක්‍රිෂාන් තියඩෝර් මහතා නියෝජ්‍ය මහලේකම් ලෙසද පත් කෙරිණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් ප්රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කෙරිණි.