සටන් විරාමය ගැන ඊශ්‍රායල රජයේ මත ගැටුමක්

සටන් විරාමය ගැන ඊශ්‍රායල රජයේ මත ගැටුමක්

සටන් විරාමය ගැන ඊශ්‍රායල රජයේ මත ගැටුමක්

සටන් විරාම යෝජනාවට එකඟ වුවහොත් කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකු අනතුරු අඟවනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන්විරාම යෝජනාවට තමන් එකඟ බව හමාස් සංවිධානය නිවේදනය කළ අතර එම යෝජනාවට එකඟත්වය පළකරන ලෙසයි ඊශ්‍රායලයට ඇමෙරිකාව කියාසිටින්නේ.

කෙසේ වුවද ජෝ බයිඩන්ගේ යෝජනාවට එකඟත්වය පලකලහොත් තමන් කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන අතර ඒ හරහා රජය බිඳ දැමීමට කටයුතු කරන බවට ඊශ්‍රායලයේ මුදල් හා ජාතික ආරක්ෂාව භාර අමාත්‍යවරුන් දෙදෙනා අනතුරු අඟවා සිටියි.

හමාස් සංවිධානය සමඟ කිසිදු එකඟතාවයකට තමන් නොපැමිණෙන බවත් ඔවුන් විනාශ කිරීම එකම පරමාර්ථය බවත් එම අමාත්‍යවරුන් සඳහන් කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *