Park & Ride සේවාව පාදුක්‌ක දුම්රිය ස්ථානයට

Park & Ride සේවාව පාදුක්‌ක දුම්රිය ස්ථානයට

Park & Ride සේවාව පාදුක්‌ක දුම්රිය ස්ථානයට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට ක්‍රියාත්මක කරන Park & Ride සේවාව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාදුක්‌ක දුම්රිය ස්ථානයේ දී ආරම්භ වුණා.

දෛනිකව රාජකාරිය අවශ්‍යතාවයන් සහ ගමනාගමන පහසුකම් වෙනුවෙන් දුම්රිය භාවිත කරන මගින්ට තම පුද්ගලික රථවාහන ආරක්ෂිතව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ගාල්කර තබා දුම්රිය මඟින් ගමනාගමන පහසුකම් සලසා ගැනීමෙ පහසුකම මේ යටතේ හිමි වෙනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පය සහ උපදෙස් පරිදි ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ පෞද්ගලික රථ ගාල්වල අයකරන ගාස්තුවට වඩා සහනදායී ගාස්තුවක් යටතේ මෙම Park & Ride රථ ගාල්වල ආරක්ෂිතව තම රථ ගාල් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවීම සුවිශේෂී පහසුවක් වනවා.

පාදුක්ක දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා දුම්රිය ස්ථාන 11ක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි.

පොල්ගහවෙල, පොතුහැර,මුත්තෙට්ටුගල, වැල්ලව,මීගමුව, කොච්චි කඩේ,කුරණ, ලුනුවිල,පාදුක්ක, මීගොඩ, වග ඇතුළු දුම්රිය ස්ථානවල මෙම වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක වෙනවා.

පාදුක්ක දුම්රිය ස්ථානයේ දී පැවති සමාරම්භක වැඩසටහනට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *