යුද්ධය අදියර තුනකින් අවසන් කිරීමට ඊශ්‍රායලයේ යෝජනා

යුද්ධය අදියර තුනකින් අවසන් කිරීමට ඊශ්‍රායලයේ යෝජනා

යුද්ධය අදියර තුනකින් අවසන් කිරීමට ඊශ්‍රායලයේ යෝජනා

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා නව ඊශ්‍රායල යෝජනා පිළිගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් හමාස් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා.

ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ මෙය මෙම යුද්ධය අවසන් කිරීමට සුදුසු කාලය වන බවයි.
ඊශ්‍රායලය ඉදිරිපත් කර ඇති එම යෝජනාව කොටස් තුනකින් සමන්විත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි පළමුවැන්න වන්නේ සති හයක සටන් විරාමයක් සමග ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත්ව යාම බව සඳහන්.

මානුෂීය ආධාර ඉහළ දැමීම මෙන්ම පලස්තීන ප්‍රාණ ඇපකරුවන් සඳහා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමක්ද සිදුකිරීමට ද යෝජනා කර තිබෙනවා.

මෙම ගනුදෙනුව අවසානයේ ස්ථිර වශයෙන්ම පවතින ගැටුම් අවසන් වන අතර එය ගාසා තීරයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ සැලැස්මකට හේතු වනවා.

ඒ අනුව පළමු අදියරේ මෙම කරුණු සම්බන්ධයෙන් හමාස් සටන්කාමීන් එකඟතාව පළකර තිබෙනවා.

දෙවන අදියරේදී පිරිමි සොල්දාදුවන් ඇතුළුව ඉතිරිව සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු නැවත හුවමාරු කරගැනීම සිදුවනවා.

මෙම යෝජනාවට එකඟ වන ලෙස හමාස් වෙතින් ඉල්ලා සිටි අය අතර එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන්ද එහි සිටියා.

එමෙන්ම යෝජනාවේ තුන්වන අදියරේදී මියගිය සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ දේහය නැවත ඊශ්‍රායලයට ලබාදිය යුතු අතර ගාසා තීරයේ නිවාස, පාසල් සහ රෝහල් නැවත ගොඩනැගීම සඳහා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ප්‍රතිසංස්කරණ සැලැස්මක්ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *