මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂි සහ අරුණට ප්‍රථම ස්ථාන

තරුෂි සහ අරුණට ප්‍රථම ස්ථාන

තරුෂි සහ අරුණට ප්‍රථම ස්ථාන

තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 පිරිමි සහ කාන්තා තරග නව තරග වාර්තා තබමින් ජයගන්නට අරුණ දර්ශණ සහ තරුෂි කරුණාරත්න සමත් වුණා.

කාන්තා තරගය ජය ගනිමින් තරුෂි කරුණාරත්ක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 400 ඉසව්ව නිමා කිරීම සඳහා ක්‍රිඩිකාවක වාර්තා කළ හොඳම තෙවැනි කාලය වාර්තා කරන්නට සමත් වුණා.

ඇය මෙම ඉසව්ව ජය ගැනීම සඳහා වාර්තා කළ කාලය තත්පර 52.48ක් ලෙස සටහන් වූවා.

එය තායිවාන් විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ මිටර් 400 කාන්තා ඉසව්වේ පැවති වාර්තාව වූ තත්පර 52.74 ඉක්මවා යාමක්.
එසේම අරුණ දර්ශණ මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.81කින් නිම කරමින් ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *