මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා මෙරට සිව්දින සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන ජූනි මස 03 වනදා සිට 06 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මීට අමතරව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

මෙම සංචාරය සඳහා මාලදිවයින් විදේශ අමාත්‍ය සමීර් මහතා සමඟ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *