ස්ථිර පදිංචිය ලබාගත හැකි අලුත් ගැසට් පත්‍රයක්

ස්ථිර පදිංචිය ලබාගත හැකි අලුත් ගැසට් පත්‍රයක්

ස්ථිර පදිංචිය ලබාගත හැකි අලුත් ගැසට් පත්‍රයක්

මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු හෝ පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ මෙරට පුරවැසිභාවය නතර වී ඇති මෙන්ම විදේශීය කාලත්‍රයෙකුට මෙලෙස නව රෙගුලාසි යටතේ විවාහ වී මාස 6කට පසු අයදුම් කිරිමට අවස්ථාව හිමිවෙයි.

විවාහය වසර 5කට පෙර අහෝසි වුවහොත් ස්ථීර පදිංචි තත්ත්වය ස්වයංක්‍රීයව අහෝසි වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

තම මව්පියන්, මුත්තණුවන් දිවයිනේ උපත ලද හෝ තවමත් පුරවැසියන් වන පුද්ගලයෙකු ශ්‍රි ලංකා සම්භවයක් සහිත අයෙකු ලෙස හදුන්වනු ලබයි.

මේ යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ප්‍රාථමික අයදුම්කරුවෙකු සදහා ඩොලර් 1,000ක ගාස්තුවක් අයකරන අතර ශ්‍රි ලාංකික නොවන කාලත්‍රයෙකු සඳහා මෙන්ම ළමුන් සදහා ද ඩොලර් 400ක ගාස්තුවක් අය කෙරෙනු ඇත.

2024 මැයි මස 7වන දිනැති අංක 2383 / 17 දරණ ගැසට් පත්‍රය මගින් මීට අදාළ අයදුම් පත්‍රය නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *