රුසියානු වීසා ගැන රජයෙන් අලුත් තීරණයක්

රුසියානු වීසා ගැන රජයෙන් අලුත් තීරණයක්

රුසියානු වීසා ගැන රජයෙන් අලුත් තීරණයක්

ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා පවසයි.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව පවසයි.

මේ අතර බදාදා දින (29) කොළඹදී රුසියානු තානාපති Levan S. Dzhagaryan සමග පැවති හමුවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *