මැතිවරණ කොමිසමේ සභාපති සහ ජූලි චන්ග් අතර හමුවක්

මැතිවරණ කොමිසමේ සභාපති සහ ජූලි චන්ග් අතර හමුවක්

මැතිවරණ කොමිසමේ සභාපති සහ ජූලි චන්ග් අතර හමුවක්

මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර හමුවක් සිදුව තිබේ.

රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන්ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබේ.

ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය.

මේ අතර පසුගිය දා යුරෝපා කොමිසමේ තානාපතිවරුන්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක්ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *