වැඩිවියට පැමිණි සිසුවියන්ට සනිපාරක්ෂක තුවා මිලදි ගන්න රජයෙන්රු 1200ක වවුචරයක්

දිවයිනේ තෝරාගත් පාසල්වල හයවන ශ්‍රේනියේසිට ඉහල පන්තිවල ඉගෙනුම ලබන වැඩිවිය පැමිණි සිසුවියන්ට ජුනි 06 දා සිට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබා දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම සිසුවියන්ට රුපියල් 600 වටිනා බැගින්වු කොටස් දෙකකින් යුත් රුපියල් 1200 වටිනා තිළිණ පතක් බැගින් ලබා දෙන බවත් එයින් පළමු කොටස ජුනි 06 දා සිට ජූලි 07 දක්වා ද දෙවන කොටස සැප්තැම්බර් 01 සිට 30 දක්වාද වලංගු වන බව මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්වේ.

මෙකී කාල සීමාවන්තුළදී අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළඳ ආයතනවලින් මෙම තිළිණ පත් ලබාදී සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට සිසුවියන්ට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයිනේ පහසුකම් අඩු දුෂ්කර, අතිදුෂ්කර සහ හුදෙකළා පාසල්වල ආර්ථික අපහසුතා සහිත අට ලක්ෂයක් පමණ සිසුවියන් සඳහා මෙම සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩ සටහන සඳහා රුපියල් බිලියනයක මුදලක් වැයවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්ප්‍රේමජයන්ත මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *