ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී ඇත.

ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය.

එහිදී ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබෙන අතර, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවයි.

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (18)වැනි දා දිවයිනෙන් පිටත් වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com