මාස 04ට ඉඩම් ඔප්පු ලක්ෂ 20ක්
ආණ්ඩුවේ උරුමය ව්‍යාපෘතිය මඟින් ඉඩම් ඔප්පු ප්‍රදානය කඩිනම් කරවිමට යෑමෙන් ජනතාවට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිවැරදි ඉඩම් ඔප්පුවක් ලබදීමට නොහැකි වපසරියක් නිර්මාණය වි තිබෙන බව සංවර්ධන නිළධාරින් චෝදනා කරනවා.
එසේ නිවැරදි ඔප්පුවක් සැකසිමට නොහැකි වුවහොත් එය නිවැරදි කිරිමට ජනතාවට අධිකරණයට යාමට සිදුවන බව රාජ්‍ය සේවා සංවර්ධන එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සුරියආරච්චි මහතා පවසනවා.
මැතිවරණයට ඇති මාස 04ක කාලය තුළ ඉඩම් ඔප්පු ලක්ෂ 20කට පිරිනැමිම ඉතාම සංකිර්ණ ක්‍රියාවලියක් වන අතර එය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බව දන්නවා මෙම ඉලක්ක සපුරාලීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජකාරි කරන සංවර්ධන නිළධාරීන් ඇතුලු අනෙකුත් නිලධාරීන් ට දැනුම් දී ඇති නමුත් එම නිලධාරීන් ට ඉඩම් සම්බන්ධයෙන් කිසිම දැනුවත් භාවයක් නොමැති කම තුළ මෙම ප්‍රශ්නය බරපතල වී තිබෙන බව සූරියආරච්චි මහතා පෙනවා දෙනවා.