රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක්

රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක්

රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක්

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවරගෙන ඇත.

සර්ජී ෂොයිගු රුසියන් හමුදා ප්‍රධානියකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු පුටින්ගේ සමීපතමයකු බවද පැවැසෙයි.

කෙසේ නමුත් සර්ජී ෂොයිගු වෙනුවට ආරක්ෂක අමාත්‍ය ධුරයට පුටින් විසින් නම් කර ඇත්තේ සිවිල් වැසියකු සහ පරිනත දේශපාලනඥයකුද වන 65 හැවිරිදි ඇන්ඩ්‍රෙයි බෙලොසෝව්ය. රුසියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයකුද වන මොහු ආර්ථික විශේෂඥයෙකි.

මේ අතර, ආරක්ෂක අමත්‍ය ධුරයෙන් ඉවත් කළ සර්ජී ෂොයිගු රුසියන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයකු ලෙස පත් කිරීමටද ජනාධිපති පුටින් පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *