මිනිස් ජාවාරමකට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට

මිනිස් ජාවාරමකට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට

මිනිස් ජාවාරමකට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට

ලැට්වියා දේශසීමාව හරහා නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මීට දින කිහිපයකට පමණ පෙර එරට දේශ සීමා ආරක්ෂකයින් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි.

මෙලෙස නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගෙන දේශ සීමා පසුකිරීමට උත්සාහ දැරූ එක් මෝටර් රථයක ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් හට වලංගු ලැට්වියා නේවාසික වීසා බලපත්‍ර තිබු බවද දේශ සීමා ආරක්ෂකයින් පවසා තිබේ.

එහෙත් එහි සිටි ආසියානු සම්භවයක් සහිත අනෙක් පුද්ගලයින් 06 දෙනාට කිසිදු වලංගු ලියවිල්ලක් නොතිබූ බව එම ආරක්ෂක නිලධාරීන් පවසා ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 05 දෙනාට නීතිවිරෝධීව සංක්‍රමණිකයින් ලැට්වියාවට ගෙන ඒමට උත්සාහ කිරීමේ වරදට චෝදනා ගොනු කර ඇති බව සඳහන්ය.

ලැට්වියා ජනරජයේ නීතියට අනුව නීතිවිරෝධි දේශසීමා තරණය කරන්නන් වැරදිකරුවන් වුවහොත්, අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින්ටද හිමිවන දඩුවම අවුරුදු දෙකේ සිට අට දක්වා කාලයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *