මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරීන් 176ක්

උපාධිධාරීන් 176ක් මධ්‍යම පළාත් ගුරු සේවයට

උපාධිධාරීන් 176ක් මධ්‍යම පළාත් ගුරු සේවයට

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 176ක් බදවාගනිමින් ඔවුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා (09) සිදුවිය.

අ.පො.ස උසස් පෙල විශය ධාරාව සදහා සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැදවා ලිඛිත තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම ගුරුවරුන් තෝරාගැනීම සිදුකළ අතර, පත්වීම් ප්‍රදානයට එක් වෙමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ගුරු සේවය අන් රැකියා සමග සසදමින් රැකියාවක් සේ සළකා කටයුතු කිරීම නොකළ යුතු බවත් ගුරු සේවය රටක හෙට දවස තීරණය කරන්නා වූ සුවිශේෂී සේවයක් බවයි.

පාසලේ තම පන්තියේ දරුවන්ට මුදල් ලබාගෙන අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට තමා කටයුතු කළ බවත් ඒ ඔස්සේ පාසල් අධ්‍යාපනය වඩා ගුණාත්මක කිරීමට හැකියාව සැලසෙන බවත් මුදල් ලබානොගනිමින් දරුවන්ගේ දැනුම පෝෂණය කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *