ඇමරිකානු සහාය නොමැතිවත් ප්‍රහාර අඛණ්ඩව – නෙතන්යාහු

ඇමරිකානු සහාය නැතත් ප්‍රහාර අඛණ්ඩව – නෙතන්යාහු
ඊශ්‍රායලය මේ වනවිට වඩාත් ශක්තිමත්ව සිටින අතර, ඇමරිකානු සහාය නොලැබුණද තනිව සටන් කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඔහු පසුගියදා (09) ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
රෆා අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එරටට අධිබර උණ්ඩ බෙදාහැරීම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව, ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඉකුත් බ්‍රහස්පතින්දා (08) වැනිදා පැවසීය. ඊශ්‍රායල අගමැතිවරයා ඉහත අදහස් පළ කළේ මීට ප්‍රතිචාර වශයෙනි.
මේ අතර, ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවති සටන් විරාම සාකච්ඡා බිඳ වැටුණු බවද ඊශ්‍රායල නිලධාරියෙක් පසුගියදා (09) ප්‍රකාශ කළේය. කයිරෝ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට අනුව, ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ සාකච්ඡා අඩාල වූ පසු හමාස් සංවිධානය, ඊශ්‍රායලය, කටාර් සහ ඇමරිකාව යන පාර්ශ්ව නියෝජනය කළ පිරිස ඊජිප්තුවෙන් පිටත්ව ගොස් ඇත.