යල කන්නයේ පොහොර සහනාධාර බැංකු ගිණුම්වලට

0
යල කන්නයේ පොහොර සහනාධාර ගොවි ගිණුම්වලට

යල කන්නයේ පොහොර සහනාධාර ගොවි ගිණුම්වලට

යල කන්නයේ පොහොර සහනාධාරය බණ්ඩි (MOP) පොහොර ඉලක්ක කරමින් මුල්‍ය ප්‍රතිපාදන ගොවිගේ ගිණුම්වලට (07) සිට යොමු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී ඇති බවයි.

විශේෂයෙන් වී කරල් ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී ඇති අතර හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය මහ කන්නයේ දී වගා කළ අතර MOP පොහොර අලෙවි ව ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් බවයි වාර්තා වන්නේ

ඒ අනුවයි MOP පොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර යල කන්නයේ දී ගොවි ගිණුම්වලට පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්ව්ලට බැර කිරීමටයි තීරණය කර ඇත්තේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් (07) සිට අදාළ මුදල් ගිණුම්වලට බැර කිරීම ආරම්භ කිරීමට නියමිත අතර විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com