මැයි දින රැලිවලින් පසු කොළඹ පිරිසිදු කරන්න 1500ක්

මැයි දින රැලිවලින් පසු කොළඹ පිරිසිදු කරන්න 1500ක්

මැයි දින රැලිවලින් පසු කොළඹ පිරිසිදු කරන්න 1500ක්

මැයි දින රැලිවලින් පසුව කොළඹ නගරයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා සේවකයන් 1500ක් අනුයුක්ත කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ෂහීනා එම් මයිසාන් පවසනවා.

නගරයේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සේවකයන් 1000ක් යොදවා තිබූ බවත්, මැයි දින රැළියෙන් පසු තවත් කම්කරුවන් 500ක් කසළ එකතු කිරීම සඳහා යොදවා තිබෙන බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කළා.

ඒ අනුව හෙට වන විට කොළඹ නගරයම පිරිසිදු කිරීමේ කාර්යය සේවකයින්ට පැවරී ඇති බවද කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ෂහීනා එම් මයිසාන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

එමෙන්ම මැයි දින රැලි පවත්වන ප්‍රදේශ පිරිසිදු කරන ලෙස පක්ෂ නායකයින්ට උපදෙස් දෙන ලෙස මයිසන් මහත්මිය ඉල්ලා සිටි අතරම තම පිරිසිදු කිරීමේ පිළිවෙත් පිළිපදින ලෙසද ජනතාවගෙන්ද ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *