පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223ක් සඳහා නිවාස ඉදිකර භාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තවත් නිවාස 11ක ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී තිබේ.
පවුල් 223ක් සඳහා නිවාස ඉදිකීරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139කි. ඉඩමක් සමග නව නිවසක් ඉදිකිරීම, නව නිවාස ඉදිකිරීම, නිවාස අලුත්වැඩියාව මේ යටතේ සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි. කටුවා පිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144කට මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සහන සැලසී ඇත. එම දේවස්ථාන ආශ්‍රිතව පමණක් නිවාස ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 90.855කි.
කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 09කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ මෙලෙස පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70කට නිවාස ඉදිකර දී ඇත.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස 11ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5කට අධිකය. එම නිවාස ව්‍යාපෘතියද කඩිනමින් අවසන් කරන ලෙසද ජාතික නිවාස සංවර්ධන අධිකාරියට තමා උපදෙස් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
මේ අතර පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට නව ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ලක්ද රජය මගින් ඉදිකර දී තිබේ. ඊට ප්‍රතිපාදන සපයා ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයයි. මේ සදහා වැය කළ මුදල කෝටි 13කට අධිකය. පන්ති කාමර 14කින් සමන්විත මෙම ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ල තට්ටු 02 කින් සමන්විතය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කළ අතර පසුගිය අප්‍රේල් 09 වෙනිදා එම ගොඩනැගිල්ල දේවස්ථානයට භාර දීමට පියවර ගැනින.