එක්සත් ජනපද ඊශ්‍රායල විරෝධී විරෝධතා නිසා උපාධි උත්සව අවලංගු කරයි

එක්සත් ජනපද ඊශ්‍රායල විරෝධී විරෝධතා නිසා උපාධි උත්සව අවලංගු කරයි
ලොස් ඇන්ජලීස් හි දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය (USC) ආරක්ෂක පියවරයන් උපුටා දක්වමින් මැයි 10 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන උපාධි ප්‍රදානෝත්සවය අවලංගු කර තිබෙනවා.
ඊශ්‍රායල-ගාසා යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජනපදය පුරා විශ්වවිද්‍යාල කිහිපයක පැන නැගී ඇති විරෝධතා මධ්‍යයේ මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇට්ලන්ටා හි එමරි විශ්ව විද්‍යාලයේ, විරෝධතා නතර කිරීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් USC කියා සිටියේ සාම්ප්‍රදායිකව සිසුන්, පවුල් සහ මිතුරන් 65,000 ක් විශ්වවිද්‍යාලය වෙත ගෙන එන ප්‍රධාන උත්සවය පැවැත්වීමට නොහැකි වන බවයි.