ශ්‍රීලනිප කිහිපදෙනෙකුට වාරණ නියෝග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පක්ෂ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ගේ කටයුතු අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 8වන දින දක්වා ක්‍රියාත්මක වන පරිදි එම වාරණ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
එමෙන්ම පසුගිය 21වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව බව පවසා අනීතික ලෙස සාමාජිකයින් පිරිසක් සමග රැස්වී එකඟ කරගත් තීරණ ක්‍රියාත්මක කිරීමද, එම විධායක සභාවටද මැයි මස 08 වනදා තෙක් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.