TIN අංකය ගැන දැනුම්දීමක්

TIN අංකය ගැන දැනුම්දීමක්

TIN අංකය ගැන දැනුම්දීමක්

2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අනුව හඳුන්වා දුන් බදු අංකය (TIN) ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා.

ඒ, එම අංකය අංකය ලබා ගැනීමට මහජනතාවට යම් කාලයක් අවශ්‍ය බව රජයට අවබෝධ වී තිබීම හේතුවෙන්.
ඒ අනුව අයදුම් කළ අය සඳහා අංක නිකුත් කරන බව සඳහන්.

මීට පෙර බදු අංකය සඳහා අප්‍රේල් මස පළමුවැනිදාට ප්‍රථම ලියාපදිංචි විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම එම අංකය ලබා ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් අංක නිකුත් කිරීමේ දී මතු වී ඇති ගැටලු හේතුවෙන් අනිවාර්ය කාල සීමාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බව සඳහන්.

බදු හැඳුනුම් අංක 100,000ක් පමණ නිකුත් කර ඇති බවයි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවක සංගමයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික අර්බුදයේ බලපෑම් සමඟ දැනටමත් පොරබදමින් සිටින මහජනතාවගේ පීඩනය හේතුවෙන් අනිවාර්ය කාලසීමාව ප්‍රායෝගික නොවන බව සලකා ඇති බව සඳහන්.

බදු හැඳුනුම් අංක සඳහා ලියාපදිංචි නොවූ අයට රුපියල් 50,000ක දඩයක් පැනවීමට කටයුතු කරන බව රජය සඳහන් කර සිටියා.

ජංගම බැංකු ගිණුමක් ආරම්භ කිරීමට, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීමට, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට හෝ බලපත්‍ර අලුත් කිරීමට සහ දේපළක් හෝ ඉඩමක් ලියාපදිංචි කිරීමට එම අංකය අනිවාර්ය අවශ්‍යතාවක් බව ද අයවැය යෝජනාවේ සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *