කෘෂිකාර්මික ව්‍යාපෘති මුවාවෙන් මාලදිවයිනේ චීන හමුදා ක්‍රියාකාරකම් – මාලදිවයිනේ විපක්ෂය චෝදනා කරයි
 
                කෘෂිකාර්මික ව්‍යාපෘති මුවාවෙන් මාලදිවයිනේ චීන හමුදා ක්‍රියාකාරකම් - මාලදිවයිනේ විපක්ෂය චෝදනා කරයි
මාලදිවයිනේ මහ පරිමාණයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට එක් වී සිටින චීන සමාගමක් විසින් එහි හමුදා ක්‍රියාකාරකම් සිදු කරන බවට එරට ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෘෂිකාර්මික ව්‍යාපෘතියක් බවට අඟවමින් චීන සමාගම හමුදා කටයුතුවල නිරතවීම ගැටලු සහගත කරුණක් බවත්, එම ව්‍යාපෘතිය සඳහා චීනයෙන් පැමිණ ඇති පර්යේෂණ යාත්‍රාවක් මාලදිවයින මුහුදු සීමාවේ පසුගිය මාස කිහිපය පුරා දිය යට භූ සිතියම්ගත කරමින් සිටින බවටද මාලදිවයිනේ විපක්ෂය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
චීන සමාගම පැමිණ ඇත්තේ ගස් සිටුවීමට හෝ කෘෂිකාර්මික වැඩ සඳහා හෝ නොවන බවත්, ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත ස්ථානයේ මාලදිවයිනේ ජාතික ආරක්ෂක බළකායට අයත් වරායක් පිහිටා ඇති බවත්, සඳහන් කර ඇති මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ෆයියාස් ඉස්මායිල් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ චීන සමාගම පැමිණ ඇත්තේ හමුදා ක්‍රියාකාරකම් සිදු කිරීමට බවය.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        