උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 සිට

උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යා විෂයට අදාළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන 20 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති පරීක්ෂණ මධ්‍යස්ථාන 39කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
එමෙන්ම, පාසල් අයදුම්කරුගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයටද යොමු කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.